Wednesday, July 09, 2025
Follow Us
මහබැංකු අධිපතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකාව බංකොලොත් බවට කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

එම අවස්ථාවේ සිදු කළේ තාවකාලිකව ණය ගෙවීම අත්හිටුවීම පමණක් බව ඔහු පවසයි.

රට ආර්ථික අර්බුදයට ලක්වූ අවස්ථාවේ ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට නොහැකි වූයේ නම්, අර්බුදය තවදුරටත් තීව්‍ර වන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කර ඇත.

 මේ අතර, ඉදිරි මැතිවරණයේ දී ජය ලබාගන්නා ඕනෑම ආණ්ඩුවක් මෙම වැඩපිළිවළ ඉදිරියට රැගෙන යාමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් ද මහබැංකු අධිපතිවරයා අදහස් පළ කර තිබේ.

-Aruna