Thursday, July 10, 2025
Follow Us
අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල පහළට

එළඹෙන නත්තල් උත්සව සමයේ පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 12 ක මිල පහළ දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙන බව වාර්තා වෙයි

 

ඒ අනුව දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට ලබාගත හැකිය. 

මෙම මිල පහත හෙලීම අද (16) සිට ක්‍රියාත්මකයි.