Friday, July 11, 2025
Follow Us
ගැටලු විසඳන්න “අස්වැසුම සතියක් ” 

දැනට අස්වැසුම ප්‍රතිලාභ සදහා අයදුම් කරඇති නමුත්, තේරීපත් වී නැති ප්‍රතිලාභින්ගේ නොවිසදුණු ගැටලු  නිරාකරණය කර සුදුස්සන්  තෝරා ගැනීම සදහා “අස්වැසුම සතිය” නමින් වැඩසටහනක් නොවැම්බර් මස 6 -11 දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට රජය  සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. 

මේ අතර “අස්වැසුම”සමාජ සුභසාධන වැඩසටහනේ අගෝස්තු මාසය සඳහා වන ගෙවීම් නොවැම්බර් 01දා පවුල් 1,365,000  සදහා රු.බි 8.5 ක් ප්‍රතිලාභි ගිණුම් වෙත බැරකිරීමට  ද කටයුතු කර ඇති බව අමාත්‍යවරයා පවසයි.

 සැප්තැම්බර් මාසය සඳහා වන දීමනාව ද නොවැම්බර් මාසය තුළදී ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට සුදානම් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.