Friday, July 11, 2025
Follow Us
IMF දෙවැනි වාරිකයේ සාකච්ඡා සාර්ථකයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන විස්තීරණ ණය යෝජනා ක්‍රමයේ දෙවැනි වාරිකය නුදුරේ දී ම ලැබෙනු ඇතැයි වැඩබලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ සඳහා වන සාකච්ඡා ඉතා සාර්ථකව ඉදිරියට ගමන් කරමින් ඇති බවයි. ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටි ආර්ථික අර්බුදයට අනුව එක් වරම දෙවැනි වාරිකය ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකග වූවේ නම් එක පුදුම සහගත තත්ත්වයක් වනු ඇතැයි පෙන්වා දෙන සියඹලාපිටිය මහතා පවසන්නේ තවදුරටත් ඉටු කර ගත යුතු සහ ඇති කර ගත යුතු තත්ත්වයන් පවතින බවයි. 

ඒ අනුව ඉතා නුදුරේ දී ම අදාළ වාරිකය ලැබෙනු ඇතැයි හෙතෙම වැඩිදුරටත් පවසයි.