Friday, May 01, 2026
Follow Us
ඉන්ධන මිල සංශෝධනයක්

මිල සූත්‍රයට අනුව ඔක්තෝබර් මස ඉන්ධන මිල සංශෝධනය හෙට (2) මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ඉන්ධන මිල සංශෝධනය ඊයේ (30) මධ්‍යම රාත්‍රීයේ සිට සාමාන්‍යයෙන් ක්‍රියාත්මක කළ යුතුවුවද නිවාඩු දිනයක් වීම නිසා එය හෙට දිනට කල්දැමූ බව ද එම නිලධාරියා කීය.
සැප්තැම්බර් මස 1 වැනිදා කළ ඉන්ධන මිල සංශෝධනයේදී සියලුම ඉන්ධනවල මිල විශාල ලෙස ඉහළ දැමීය.

Lankadeepa