Friday, May 01, 2026
Follow Us
ආනයනය පළමු ගල් අඟුරු නෞකාවේ ගොඩබෑම් ඇරඹෙයි

2023-24 වාරය වෙනුවෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය වෙනුවෙන් ආනයනය කිරීමට අවශ්‍ය ගල් අඟුරු නෞකා 40න් පළමු ගල් අගුරු නෞකාවේ ගොඩබෑමේ කටයුතු සැප්තැම්බර් 13 ආරම්භ කරනු ලැබූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.


2023 සැප්තැම්බර් නෞකා 4ක් ගොඩබෑමට සැලසුම් කර ඇති අතර 2024 මැයි වන විට අවශ්‍ය නෞකා 40 ආනයනය කර ගොඩබෑම් අවසන් කිරීමට විදුලිබල මණ්ඩලය සහ ගල් අඟුරු සමාගම සැලසුම් කර ඇත.