Friday, July 11, 2025
Follow Us
ගෑස් මිල සංශෝධනයක් අද

ගෑස් මිල සංශෝධනයට අදාළ මිල ගණන් අද (04) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි.

එහි සභාපති මුදිත පීරිස් සඳහන් කළේ, මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිට සිදුකිරීමට සැලසුම් කර ඇති බවය.

ලෝක වෙළඳපලේ ගෑස් මිල ඉහළ යාම සැලකිල්ලට ගැනීමේ දී මෙරට ගෑස් මිලෙහි ද සැලකිය යුතු වැඩි වීමක් මෙවර සිදුවනු ඇති බව ඔහු සඳහන් කළේය.

පසුගිය අගෝස්තු මස 4 වන දින සිදුවූ ගෑස් මිල සංශෝධනයේ දී මිල ඉහළ දැමීමට නියමිතව තිබුණ ද පාරිභෝගික ජනතාවට සිදුවන අපහසුතා සැලකිල්ලට ගනිමින් මිල සංශෝධනය නොකිරීමට ලිට්‍රෝ සමාගම පියවර ගෙන තිබුණි.

ඒ අනුව මේ වන විට කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 2,982ක මිලකට අලෙවි වන අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,198කට හා කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 561ක මිලකට අලෙවි කෙරේ.