Friday, July 11, 2025
Follow Us
ඌව සංචාරක ගමනාන්ත කලාප 5ක් ඔස්සේ ප්‍රවර්ධනයට

EU - Sri Lanka සංවර්ධන සහයෝගිතාවය සමගින් ඌව පළාතේ සංචාරක ගමනාන්ත කලාප 5ක් ඔස්සේ ප්‍රවර්ධනය හා සංවර්ධනය කිරීම සම්බන්දයෙන් වූ සාකච්ඡාවක් ඊයේ (15) සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ පැවැත්විණි.

මෙහිදී ඇල්ල, හල්දුම්මුල්ල සහ හපුතලේ, මහියංගනය, වැල්ලවාය සහ බදුල්ල යන කලාප 5ක් ඔස්සේ හඳුනාගත් සංචාරක ගමනාන්ත 22ක් කෙරෙහි අවධානය යොමු වී තිබේ.

මෙම සාකච්ඡාව සඳහා සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සහ EU - Sri Lanka සංවර්ධන සහයෝගීතාවයේ නියෝජිතයින් සහභාගී වූහ.