Friday, July 11, 2025
Follow Us
රටේ මුදල් ගැන හරිම තොරතුරු දෙන්න ’’ඉට්මිස්’’ එයි

මුදල් අමාත්‍යාංශ ප්‍රමුඛ ගිණුම් කටයුතු පරීක්ෂා කරන ආයතනවලට ඕනෑම තැනක සිට රටේ රාජ්‍ය මූල්‍ය තත්ත්වය ගැන තොරතුරු ලබාගත හැකි ඉට්මිස් (ITMIS) නම් මෘදුකාංග ව්‍යාපෘතිය සක්‍රීය කිරීමට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

ජනාධිපති කාර්යාලය ඇතුළු රටේ සියළුම රාජ්‍ය ආයතන වල ගිණුම් කටයුතු පරිගණක ගත කිරීම වෙනුවෙන් අරම්භ කොට අතරමඟ නවතා දැමූ ඉට්මිස් (ITMIS) නම් මෘදුකාංග ව්‍යපෘතිය ඉදිරි මාස දෙක ඇතුළත යළි ආරම්භ කරන්නැයි ද සාගල රත්නායක මහතා දුන් උපදෙස් වල සඳහන්ය.

අය වැය ලේඛනය සකස් කිරීමේදී තොරතුරු ලබා ගැනීම ද ඉට්මිස් මෘදුකාංග ව්‍යපෘතියෙන් ඉක්මන් හා පහසු කටයුත්තක් වනු ඇත.

මෙම මෘදුකාංගය (Softwear) සමඟ ආදයම් බදු කටයුතු වෙනුවෙන් රැමිස් (Ramis) නමින් තවත් මෘදුකාංගයක් 2011 වසරේදී ලබා ගෙන ඒ වෙනුවෙන් ක්‍රියාකරුවන් පවා පහුණු කර අවසන් වුවත් 2013 වර්ෂයේදී හදුන්වා දීමට යෝජනා වූ මෙම ව්‍යාපෘතිය අතරමැද නතර කර දමා තිබිණි.

-Lankadeepa