Saturday, July 12, 2025
Follow Us
අස්වැසුම විරෝධතා සලකා බැලීම අනිද්දා සිට

අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් ලැබුණු විරෝධතා විභාග කිරීම අනිද්දා (14) ආරම්භ කරන බව සමාජ සුබ සාධන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය සියලු උපදෙස් දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට යොමු කළ බවය.

අස්වැසුම සම්බන්ධයෙන් ලැබී ඇති විරෝධතා සංඛ්‍යාව 217,000කි.

එම විරෝධතා දින 5 ක් ඇතුළත විභාග කර අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

ඉන් අනතුරුව අස්වැසුම සම්බන්ධයෙන් ලැබුණු අභියාචනා අට ලක්ෂයක් ද විභාග කිරීමට නියමිතය.

මේ අතර ගැටලු නිරාකරණය වී ඇති අස්වැසුම ප්‍රතිලාභීන් 15 ලක්ෂයකට පළමු වාරිකය මුදා හැරීම ලබන සතියේ සිදු කෙරෙන බව සමාජ ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කළේ ය.

-Aruna