Saturday, July 12, 2025
Follow Us
උද්ධමනය නැවතත් තනි අගයකට

කො.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2023 ජූලි මාසයේ දී සියයට 6.3ක තනි අගයක මට්ටමට ළඟා වී ඇති බව මහබැංකු වාර්තා පෙන්වා දෙයි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 ජුනි මාසයේ වාර්තා වූ සියයට 12.0හි සිට 2023 ජූලි මාසයේ දී සියයට 6.3 දක්වා පහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, 2023 ජූලි මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපේක්ෂා කරන ලද උද්ධමනය පහළ යෑමේ ප්‍රවණතාවට බොහෝ දුරට අනුකූල වේ.

දැනට පවතින තොරතුරු අනුව, උද්ධමනය තවදුරටත් පහළ ගොස් මැදි කාලීනව ඉලක්කගත මට්ටම වටා ස්ථාවර වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙලෙස උද්ධමනය පහළ යෑම කෙරෙහි දැඩි මුදල් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිවල පසු බලපෑම, සැපයුම් අංශයේ වර්ධනයන්, බලශක්ති හා ආහාර උද්ධමනය පහළ යෑම සහ හිතකර සංඛ්‍යානමය පදනම් බලපෑම ද සහාය වේ.