Saturday, July 12, 2025
Follow Us
සංචාරක ආකර්ෂණයට ලක්වූ වෙරළ කලාප 24ක නව ආයෝජන අවස්ථා

මෙරට සංචාරක ආකර්ෂණයට ලක් වූ වෙරළ කලාප 24ක් හඳුනාගෙන එම සංචාරක කලාපයන් ද රටේ ආර්ථිකයට දායකත්වයක් ලැබෙන පරිදි ආයෝජකයන්ට ලබාදීමට ද තිරණය කර ඇතැයි නාගරික සංවර්ධන, නිවාස හා වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.


ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (21) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
මෙහි දී අදහස් දැක් වූ අමාත්‍යවරයා,
“මෙරට සංචාරක ආකර්ෂණයට ලක්වූ වෙරළ කලාප 24ක් හඳුනාගෙන තිබෙනවා. එම සංචාරක කලාපයන් ද රටේ ආර්ථිකයට දායකත්වයක් ලැබෙන පරිදි ආයෝජකයන්ට ලබාදීමට ද තිරණය කර තිබෙනවා. තාවකාලික ඉදිකිරීම් යටතේ එම වෙරළ කලාප නව ආයෝජකයන්ට ලබාදීමට නියමිතයි. ලෝකයේ අනිකුත් රටවල්වල මෙන් සංචාරක ආකර්ෂණය දිනාගන්නා වෙරළ ආරක්ෂක ක්‍රියාකාරකම්වලින් සමන්විතව එම කලාප ස්ථාපිත කිරීමට නියමිත තිබෙනවා.
මීට අමතරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත කොළඹ, ඇල්ල, නුවරඑළිය, මහනුවර හා ත්‍රිකුණාමලය යන ප්‍රදේශ සංචාරක ආකර්ෂණය දිනාගත් ප්‍රදේශ ලෙස සංවර්ධනය කිරීමට දැනටමත් පියවරගෙන තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතනවල මැදිහත් වීම යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර ඇතිව එම ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතයි.”