Saturday, July 12, 2025
Follow Us
මහ බැංකු පනත් කෙටුම්පත මෙයට පෙර ඉදිරිපත් කළා නම් රට බංකොලොත් වන්නේ නැහැ

මහ බැංකු පනත් කෙටුම්පත යනු මීට වසර පනහකට පෙර ඉදිරිපත් කළ යුතුව තිබූ පනත් කෙටුම්පතක් බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මේ බව සඳහන් කළේ මහ බැංකු පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට ඊයේ (20) එක් වෙමිනි.

තවදුරටත් මන්ත්‍රිවරයා මෙසේද පැවසීය.

මෙම පනත් කෙටුම්පත මීට පෙර ඉදිරිපත් කර තිබුණේ නම් රට බංකොලොත් වන්නේ නැහැ.

මහ බැංකු පනත් කෙටුම්පත ගෙන ඒමට 2017, 2018 වසරවලදී උත්සාහ කළ ද එය ඇති වූ කුමන්ත්‍රණකාරි වාතාවරණය හේතුවෙන් අසාර්ථක වූ බවයි.