Saturday, July 12, 2025
Follow Us
පෝර්ට් සිටි කෘත්‍රීම වෙරළ ජනතාවට විවෘත වෙයි

කොළඹ පෝට්සිටිහිදී ශ්‍රී ලංකාවේ පළමු කෘතීම වෙරළ තීරය අද ( 15 ) විවෘත කළ අතර මෙම කෘතීම වෙරළතීරය නැරඹීමට මෙරට ජනතාවට මෙන්ම විදේශීය සංචාරකයන්ටද අද සිට නොමිළේ අවස්ථාව හිමිවේ.

පෝර්ට් සිටි සංකීර්ණ තුළ ඉදිවූ ඇවිදින මංතීරුව ජනතාවට නැරඹීමේ අවස්ථාව ලැබුණු අතර ඊට ආසන්නයේම අද විවෘත වූ මෙම කෘතීම වෙරළ තීරයද මෙරට ජනතාවට නවමු අත්දැකීමක් එක් කරනු ඇත.

කෘතීම වෙරළ තීරයේ දිය නෑමට සහ ජල ක්‍රීඩා ඇතුළු අංග රැසකින් විනෝද වීමට දෙස් විදෙස් ලොකු කුඩා සැමට අවස්ථාව හිමිවේ.

මෙම කෘතීම වෙරළ තීරයට අමතරව ඒ ආසන්නයේම දෙස් විදෙස් ආහාරවලින් සමන්විත ආහාර අලෙවි පරිශ්‍රයක්ද මහජනතාවට විවෘත කර තිබේ.