Saturday, July 12, 2025
Follow Us
සතොස ප්‍රතිව්‍යුහගත කිරීමට තීරණය කරයි

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව පිහිටුවීමේ අපේක්ෂිත අරමුණු ඉටු වී නොමැති වීමත්,එම ආයතනයෙන් ආර්ථිකයට ඵලදායී අයුරින් දායකත්වයක් නොලැබීම් යන කරුණු සැලකිල්ලට ගනිමින් සතොස ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ.

ඒ අනුව සතොස ආයතනය ප්‍රතිව්‍යුහගතකිරීමට අදාළ කටයුතු කිරීම පිණිස මෙහෙයුම් හා අධීක්ෂණ කමිටුවක් පත් කර යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම පිණිස වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.