Saturday, July 12, 2025
Follow Us
මහ බැංකු අධිපතිගෙන් සහතිකයක්

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා බැංකු පද්ධතියට කිසිදු බලපෑමක් නොවන බවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අද අවධාරණය කළේය.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළකළේය.

 "අද දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා කැබිනට් අනුමැතිය හිමිවීම වැදගත් කරුණක්. බැංකු පද්ධතියේ ස්ථාවරත්වය සහ ඔබ සියලුදෙනාගේ තැන්පතුවල සුරක්ෂිතභාවය මෙන්ම බැංකු පද්ධතියේ ඇති සියලුම මහජන තැන්පතුවලට මෙයින් කිසිදු බලපෑමක් සිදු වන්නේ නැහැ. මට ඒ පිළිබඳව ඔබට සහතික විය හැකියි. අර්ථසාධක අරමුදල් ආදිය පිළිබඳව ඇතැමුන්ගේ කුකුසක් පැවතුනත් මට කිව හැක්කේ ඔවුන්ගේ ශේෂයන්ට එයින් බලපෑමක් නොවන බවයි."

Aruna