Sunday, July 13, 2025
Follow Us
තිරිඟු පිටි මිල ඉහළට

ආනයනය තිරිගු පිටි මිල රුපියල් හතලියකින් වැඩි වී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමය පෙන්වා දෙන්නේ පසුගිය දා රුපියල් 160 ට තිබූ ආනයන තිරිඟු පිටි කිලෝවක තොග මිල අද වන විට රුපියල් 200 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

රුපියල් 40ක බද්දක් යටතේ ඕනෑම අයකුට තිරිඟු පිටි ගෙන්වීමට තිබූ අවස්ථාවට අහෝසි කර අනිවාර්යයෙන්ම බලපත්‍රයක් ලබා ගත යුතු බවට මුදල් අමාත්‍යංශය නියෝගයක් නිකුත් කිරීමත් සමග ආනයනය තිරිගු තොග මිල වැඩි වීමට හේතු වී තිබේ.