Monday, July 14, 2025
Follow Us
උද්ධමනය තනි ඉලක්කමකට

ලබන මාසය අවසන් වනවිට උද්ධමනය තනි ඉලක්කමකට පැමිණෙන බවට ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකතනය කර ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.


ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අද(01) පැවති මාධ්‍ය හමුවකදී ය.

එමෙන්ම, ඔහු පැවසුවේ ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්තිමය පොලී අනුපාතික අඩුකිරීමේ වාසිය බැංකු මඟින් ජනතාවට සම්ප්‍රේෂණය කරනු ඇතැයි අපේක්ෂා කරන බව යි.

එමඟින් යළිත් ව්‍යාපාර සඳහා බැංකු මූල්‍ය පහසුකම් ලබාගැනීම වර්ධනය වීමෙන් ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත්වන බව ද නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Dinamina