Tuesday, July 15, 2025
Follow Us
ආනයනික බිත්තර පාරිභෝගික ජනතාවට ලැබෙයිද?

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලබාදුනහොත් ආනයනික බිත්තර පාරිභෝගික ජනතාව වෙත අලෙවි කිරීමට කටයුතු කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති ආසිරි වලිසුන්දර සඳහන් කළේ, ඒ සඳහා මේ වන විටත් අදාළ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇති බවය.

මෙරට පවතින බිත්තර හිඟය සහ අධික මිල හේතුවෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට රජය පියවර ගනු ලැබීය.

කෙසේවෙතත් එම බිත්තර බස්නාහිර පළාත තුළ බේකරි නිෂ්පාදන හා හෝටල් කර්මාන්ත සඳහා පමණක් අලෙවි කිරීමට මෙතෙක් අවසර ලබාදී ඇති බව ආසිරි වලිසුන්දර පැවසුවේය.

මේ අතර තවත් බිත්තර මිලියනක් රැගත් නෞකාවක් ඊයේ (26) රාත්‍රී දිවයිනට පැමිණ තිබේ.

එම බිත්තර තොගයේ සාම්පල අද (27) දිනයේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට යොමුකිරීමට කටයුතු කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේය.

කෙසේවෙතත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සාම්පල වාර්තා නොලැබීම හේතුවෙන් බිත්තර මිලියන දෙකක් මේ වන විට වරායෙන් නිදහස් කරගැනීමට නොහැකිව පවතින බව වාර්තා වේ.

Aruna