Saturday, May 02, 2026
Follow Us
දුම්රිය ස්ථාන ආශ්‍රිත නව පාපැදී ව්‍යාපෘතියක්

සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා දුම්රිය ස්ථාන ආශ්‍රිතව පාපැදි කුලී පදනම මත ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා කර ගෙන තිබේ.

බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ඊයේ (25) මේ බව සාකච්ඡා කළේය.

ඒ අනුව අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස මෙම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා විසින් ප්‍රවාහන ලේකම්වරයාට උපදෙස් දී තිබේ.