Tuesday, July 15, 2025
Follow Us
බිත්තර මිලට අතිවෂ ගැසට් පත්‍රයක්

2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 20(5) වන වගන්තිය යටතේ

ක්‍රියා කරමින් කිසිම නිෂ්පාදකයෙකු, සාදන්නෙකු, සැපයුම්කරුවෙකු, බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් සුදු බිත්තරයක් රු. 44.00කටත්, දුඹුරු බිත්තරයක් රු. 46.00කටත් යන උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් වෙළෙඳාම් කිරීම, සැපයීම, වෙළෙඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම හෝ වෙළෙඳාම් කිරීම සඳහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවට අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඊට අනුව සුදු බිත්තර එක් කිලෝවක් රු. 880.00ක් වන අතර දුඹුරු බිත්තර එක් කිලෝවක් රු. 920.00ක් වේ.