Saturday, May 02, 2026
Follow Us

ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු ආයතන කිහිපයක් එළඹෙන පාර්ලිමේන්තු සතියේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට කැඳවා ඇත.

මේ අනුව ලබන 25 වැනිදා ‘අපනයන ණය රක්ෂණ සංස්ථාව’ කෝප් කමිටුව හමුවට කැඳවා ඇත.

එසේම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ලබන 26 වැනිදා කෝප් කමිටුවට කැඳවා ඇති අතර 2022.10.21 වැනි දින පැවති කාරක සභා රැස්වීමේදී ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය එහිදී පරීක්ෂා කිරීමට නියමිතව තිබේ.