2027 අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් හෙට (23) දිනයේදී රාජ්ය සේවයේ වෘත්තීය සමිති රැසක් ජාතික විරෝධතාවක නිරත වීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.
මෙවර අයවැයෙන් රාජ්ය සේවකයන්ගේ ඉල්ලීම්වලට නිසි ප්රතිචාරයක් ලැබී නොමැති බව පවසමින් රජයේ වෘත්තීය සමිති මේ වන විටත් විවිධ වෘත්තීය සමිති ක්රියාමාර්ග ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව, හෙට (23) දිනයේදී දිවයින පුරා විරෝධතා මාලාවක් පැවැත්වීමට ඔවුන් සැලසුම් කර ඇති බව ද වැඩිදුරටත් වාර්තා වෙයි.