Thursday, September 24, 2026
Follow Us
රියදුරු බලපත්‍ර අපේක්ෂිතයින්ට දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීමේ නව පද්ධතියක්
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ පරීක්ෂණ සඳහා පෙනී සිටින රියදුරු බලපත්‍ර අපේක්ෂිතයින්ට දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීමේ නව පද්ධතියක් හදුන්වා දී තිබේ.
නව පද්ධතිය හදුන්වාදීමත් සමඟ අද සිට නිශ්චිත දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගැනීම අනිවාර්ය වේ.
APPOINTMENT.NTMI.LK වෙබ් අඩවිය ඔස්සේ දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගත හැකියි.
අදාළ දිනයට නොපැමිණියහොත් එය ස්වයංක්‍රීයව අවලංගු වන අතර යළි අයදුම් කිරීමෙන් වෙනත් දිනයක් වෙන්කර ගත හැකියි.