ලෝක මැලේරියා දිනය අදට (25) යෙදී ඇත.
"සංචාරක මැලේරියාව වළක්වමු- පරීක්ෂා කරමු” යන්න මෙවර තේමාව වේ.
උණ, සෙම්ප්‍රතිශ්‍යාව , ඇඟපත වේදනාව, පට්ටිකා ප්‍රමාණය අඩුවීම වැනි රෝග ලක්ෂණ සමඟ සංචාරක ඉතිහාසයක් ඇත්නම් මැලේරියා සඳහා පරීක්ෂණය සිදු කර ගන්න ඔබත් මැලේරියාව බහුල රටක සංචාරය කරන්නේ නම් මැලේරියාව වැළැක්වීමේ ඖෂධ ලබා ගන්න ලෙස මැලේරියා මර්දන ව්‍යාපාරයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
ඔබේ ආරක්ෂාව තහවුරු කරගන්න- රට තුළට මැලේරියා පරපෝෂිතයන් ඇතුළු වීම වැළැක්වීමට දායක වන ලෙස එම කාර්යාංශය දන්වා සිටින අතර මැලේරියාව පිළිබඳ ඔිනෑම ගැටලුවක් ඇත්නම් අමතන්න- 071 2841767 ලෙස ද දන්වා සිටි.