අඩු ආදායම්ලාභී, නිවාස අහිමි ජනතාවට ලබාදීම සඳහා පෑලියගොඩ රෝහණ විභාර පෙදෙස ඉදිකිරීම් අරඹා ඇති මහල් නිවාස සංකීර්ණයේ වත්මන් ඉදිකිරීම් කටයුතු සොයා බැලීමට නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පසුගියදා ( 04) එහි ක්ෂේත්‍ර නිරීක්ෂණයකට එක් විය.
පර්යන්ත දෙකකින් හා මහල් 16කින් යුතු මෙම නිවාස සංකීර්ණයේ නිවාස ඒකක 615ක් නිර්මාණය කෙරේ. එක් නිවාස ඒකකයක් වර්ග අඩි 530 ක ප්‍රමාණයකින් යුක්තවේ. සමස්ත ව්‍යාපෘතිය සඳහා වැයකරන මුදල රුපියල් මිලියන 5620කි
2024 වසරේ දෙසැම්බර් මස ඉදිකිරීම් අරඹන ලද මෙම මහල් නිවාස ව්‍යාපෘතිය 2027 වසරේ දෙසැම්බර් අවසන් වීමට පෙර ඉදිකිරීම් අවසන් කර ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර ඇත. ඒ වෙනුවෙන් දේශීය සහ චීන ඉදිකිරීම් නිපුණතා හා පළපුරුද්ද සහිත සේවක කණ්ඩායම් අනුයුක්ත කර ඇත. නාගරික සංවර්ධන අධිකාරියේ සේවා අධීක්ෂණයෙන් සියලු අංශ ඉදිකිරීම් ප්‍රමිතියට සිදු කරන ලෙසත්, බිත්ති 06 ක සංකල්පය වෙනුවට , සැබෑ ලෙසම නිවසක ආකෘතිය ඉදිකිරීම තුළ පැවතිය යුතු බවත් ක්ෂේත්‍ර නිරීක්ෂණය අවසානයේ නියෝජ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට පැවසීය.
ව්‍යාපෘති සැලසුම පිළිබඳ කෙටි අධ්‍යයනයක ද යෙදුන නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ජනතාවට හිතකර , පදිංචියට වඩාත් යෝග්‍ය නව එක් කිරීම් ද නිවාස ව්‍යාපෘතියට සම්බන්ධ කර, තිරසර ව්‍යාපෘතියක් ලෙස ඉදිරි සැලසුම් සිදුකරන ලෙසයි