Sunday, April 05, 2026
Follow Us
උතුරු දුම්රිය මාර්ගයේ ගමනාගමන 9 වැනිදා සිට යළි ඇරඹේ

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව එළැඹෙන 09 වැනි දින සිට උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

ඊයේ (04) දින සිට පෙරවරු 05.15ට ගල්කිස්ස දුම්රිය ස්ථානයේ සිට කන්කසන්තුරය බලා ධාවනය වන දුම්රියෙහි සහ පස්වරු 01.50ට කන්කසන්තුරය සිට ගල්කිස්ස බලා ධාවනය වන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියන් ආසන වෙන් කිරීමේ පහසුකම්ද මේ වන විට සලසා දී ඇත.