Wednesday, September 03, 2025
Follow Us
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස දිවයිනට

ඉන්දුනීසියාවේ ජකර්තා හිදී අත්අඩංගුවට ගත් අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස අද (30) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දිවයිනට රැගෙන ආවේය. 

පැය කිහිපයක ප්‍රමාදයකින් අනතුරුව අද (30) පස්වරු 3.30ට පමණ ජකර්තා අගනුවරින් පිටත් වූ ගුවන් යානය රාත්‍රී 7.20ට පමණ ගුවන් තොටුපොළ වෙත ළඟා වී ඇත.

ඔවුන් කොළඹ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන යාමට නියමිත බවයි වාර්තා වන්නේ.