Friday, March 27, 2026
Follow Us
මැතිවරණ රාජකාරී සඳහා පොලිස් නිලධාරින් 63,000ක්

නිදහස් සහ සාධාරණ මැතිවරණයක්  පැවැත්වීම සඳහා අවශ්‍ය ආරක්ෂාව සැපයීමට  මැතිවරණ රාජකාරී සඳහා පොලිස් නිලධාරින් 63,000ක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පැවසීය.

අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසීය.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවද හෙතෙම පැවසීය. ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 63,000ක් යොදවන අතර , යුද හමුදාවේ 3000ක් සහ විශේෂ කාර්ය බළකායේ 2500ක් යොදවා තිබෙන බව ඔහු පෙන්වා දුන්නේය.

ජංගම මුර සංචාර වෙනුවෙන් පොලිස් නිලධාාරින් 12,400ක්  සහ  මාර්ග බාධක 269ක් යොදවා තිබේ.