Sunday, May 19, 2024
Follow Us
සිව්වන ශාක නිරෝධායන මධ්‍යස්ථානය  ගාල්ලේ දී විවෘත කරයි

ශාක නිරෝධායන සේවාව ප්‍රාදේශීය මට්ටමට ව්‍යාප්ත කිරීම සඳහා වන   ජනාධිපතිතුමන්ගේ වැඩපිළිවෙළ යටතේ සිව්වන ශාක නිරෝධායන මධ්‍යස්ථානය  විවෘත කිරීම  පසුගියදා ගාල්ල තැපැල් කාර්යාල පරිශ්‍රයේ දී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 

ශාක නිරෝධායන සේවාව මෙතෙක් කොළඹට සීමා වී තිබුණු  නිසා  උතුර, නැගෙනහිර, දකුණ හා මධ්‍යම පළාත්වල ජනතාවට ශාක නිරෝධායන සේවාවන් ලබා ගැනීමේ දී විශාල මුදලක් දරමින් හා කාලය, ශ්‍රමය වැය කරමින් කොළඹට පැමිණීමට සිදුවිය.

විශේෂයෙන් ශාක හා ශාක ආශ්‍රිත නිෂ්පාදන ද්‍රව්‍යයන් තැපැල් සේවාව ඔස්සේ විදේශ රටවලට යැවීමට මේ නිසා තමන් මහත් අසීරුතාවකට පත්ව සිටින බව ජනතාව ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණිළි කර තිබිණි. 

මෙම තත්ත්වය සම්බන්ධව අවධානය යොමු කරමින්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  උපදෙස් පරිදි ශාක නිරෝධායන සේවාව ප්‍රාදේශීය මට්ටමින් ව්‍යාප්ත කිරීම සඳහා මේ වනවිට නව ප්‍රාදේශීය මධ්‍යස්ථාන තුනක් විවෘත කර තිබේ. ඒ අනුව මෙතෙක් කොළඹ මධ්‍යම තැපැල් කාර්යාලයට අමතරව යාපනය හා මහනුවර තැපැල් කාර්යාල ආශ්‍රිතව ද මෙම ශාඛාවන් මින් පෙර විවෘත කෙරිණි.

විශේෂයෙන් ම දකුණු පළාත තුළ ශාක නිරෝධායන සේවාව ලබා දීමේ අරමුණින් මෙම ප්‍රාද්ශීය කාර්යාලය විවෘත කර තිබේ.