පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු අද (15 වැනිදා) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය. බස් නැවතුම්පොළ 50ක් නවීකරණය කිරීමේ රජයේ වැඩසටහන යටතේ මෙම බස් නැවතුම්පොළ පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කෙරේ.
ඒ අනුව බස් නැවතුම්පොළ සඳහා නව විවේකාගාර, තොරතුරු සන්නිවේදන ස්ථාන, ආරක්ෂක පද්ධති, නවීන ආසන සහ අභ්‍යන්තර මාර්ග ද ඉදිකිරීමට නියමිතය.
නවීකරණ කටයුතු හේතුවෙන් බස් නැවතුම්පොළ මාස අටක පමණ කාලයක් වසා දැමෙන අතර, ඒ හේතුවෙන් ලංගම බස් රථ ධාවනය වන්නේ ගුණසිංහපුර බෝධිරාජ මාවතේ පිහිටි බස් නැවතුම්පොළේ සිටය.