Monday, September 15, 2025
Follow Us
27 වන ජාතික සිරකරු දින උත්සවය අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්
27 වන ජාතික සිරකරු දින උත්සවය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.

බන්ධනාගාරගත රැඳවියන් වෙනුවෙන් පහසුකම් සපයමින් සිරකරුවන් වෙනුවෙන් සිරකරු සුභ සාධක සංගමය විසින් සිදු කරනු ලබන සේවය ප්රශංසනීය බවත් බන්ධනාගාරයට පුද්ගලයින් යොමුවීම අඩු කිරීම අරමුණ විය යුතු බවත් අමාත්යවරයා එහිදී සඳහන් කළේය.

සිරකරුවන්ගේ සුභ සාධනය අරමුණු කරමින් හිටපු විනිසුරු ආනන්ද ග්රේරු මහතාගේ මුලිකත්වයෙන් සිරකරු සුභ සාධක සංගමය ආරම්භ කර තිබේ.
 
සිරකරු සුභ සාධක දිනයට සමගාමීව දිවයිනේ බන්ධනාගාර 28 ම ආවරණය වන පරිදි සිරකරුවන් වෙනුවෙන් ආධ්යාත්මික, ක්රිඩා, සෞඛ්ය, සංස්කෘතික සහ නීතී උපදේශන වැඩසටහන් සංවිධානය කිරීම කටයුතු යොදා ඇත.
 
සිරකරුවන්ගේ දරුවන්ට ශිෂ්යත්ව ප්රදානය සහ ස්වයං රැකියාවල නිරත සිරකරුවන්ට උපකරණ ප්රදානය කිරීම සහ සිරකරු දින කොඩි පැළඳ වීමද මෙහිදී සිදු විය.