Sunday, May 19, 2024
Follow Us
වසර එකොලහට පසුව ශ්‍රී ලංකාවට රග්බි ජයග්‍රහණයක්

ශ්‍රී ලංකාවේ පැව­ති පළමු කොටසේ ආසි­යා­තික රග්බි ශූර­තා­ව­ලිය ශ්‍රී ලංකා කණ්ඩායම  කසකස්ථානය පරාජය කරමිනි ජයග්‍රහණය කරනු ලැබීය.

ශ්‍රී ලංකාව වසර එකොලහට පසුව ලබා ගත් මෙම ජයග්‍රහණය සැමරීමට සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද එක් විය.

ජයග්‍රාහී ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ඩොලර් 30,000ක් පරිත්‍යාග කරනු ලැබීය.

සුයොරු ඇන්ත­නීගේ නාය­ක­ත්ව­යෙන් තරඟ වැදි ශ්‍රී ලංකා කණ්ඩා­යමේ උප­නා­ය­කයා ලෙස තරින්ද රත්වත්ත කට­යුතු කළ අතර, සනත් මාටිස් ප්‍රධාන පුහු­ණු­කරු ලෙසත්, දුෂ්‍යන්ත් ලෙව්කේ ඉදි­රි ­පෙළ ක්‍රීඩ­ක­යන්ගේ පුහු­ණු­කරු ලෙසත්, නිල්ෆර් ඉබ්‍රා­හිම් පසු­පෙළ ක්‍රීඩ­ක­යන්ගේ පුහු­ණු­කරු ලෙසත් කට­යුතු කරනු ලැබීය.

ශ්‍රී ලංකාව, ඉන්දි­යාව, කස­ක­ස්තා­නය සහ කටාර් යන කණ්ඩායම් හතර පිළිමලුන් පිටුදැකීමේ තරඟාවලියට එක්විය.