Sunday, May 19, 2024
Follow Us
අ.පො.ස. සා/ පෙළ විභාගය අද ඇරඹේ

අ.පො.ස.(සාමාන්‍ය පෙළ) - 2023(2024) විභාගය අද ආරම්භ කෙරේ. 

විභාගය අද සිට ලබන  15 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527 කදී පැවැත්වේ.

මෙවර විභාගය සදහා අයදුම්කරුවන් 452, 979 දෙනෙකු පෙනී සිටින බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

ඊට පාසල් අයදුම්කරුවන් තුන් ලක්ෂ 87, 648ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,331 දෙනෙකු ඇතුළත් වන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.