Wednesday, May 14, 2025
Follow Us
State

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ලෙස ආර්. එම්. ඩබ්. එස්. සමරදිවාකර මහතා ද, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ලෙස එස්. එල්. ඩී. කේ. විජයසිංහ මහත්මිය ද පත් කර ඇත.

State

විදේශ රැකියා අපේක්ෂිතයන් සඳහා යාපනය, හෝමාගම සහ අම්පාර යන ප්‍රදේශවල පුහුණු මධ්‍යස්ථාන පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

State

කොළඹ ජාතික අක්ෂි රෝහලේ අද  (14) පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා සංකේත එක්දින වැඩ වර්ජනයක් සිදු කිරීමට තීරණය කර තිබුණත් එය තාවකාලිකව අත්හිටුවා රෝහලේ ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට තීරණය කල බව රෝහල් බලධාරීන් ප්‍රකාශ කරයි.

State

ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් ධූරයට ඒ. සී. මොහොමඩ් නෆීල් මහතා ද, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පලන අමාත්‍යාංශ ලේකම් ධූරයට ඩබ්. පී. පී. යසරත්න මහතා ද, වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් ධූරයට සමන් දර්ශන පාඬිකෝරාල මහතා ද පත් කර තිබේ.

State

අදාළ සංවර්ධන කටයුතු කඩිනම් කිරීම පිළිබඳ ජයිකා ආයතනය සමඟ සාකච්ඡා කරනවා – ජනපති

State

තැපැල් සේවය සඳහා විකල්ප ක්‍රමවේදයක් භාවිත කරන ලෙසට අමාත්‍ය මණ්ඩලය තමාට උපදෙස් ලබා දී ඇති බව විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.

State

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට සුළු මොහොතකට පෙර අමාත්‍යාංශ 10ක් සඳහා නව අමාත්‍යාංශ ලේකම්වරුන් දසදෙනෙකු සහ පළාත් 02ක් සඳහා ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

State
  • අසීරු අවස්ථාවලදී නායකත්වය ගැනීමට නොබියව ඉදිරිපත් වන්න

ජනපති දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨයේ කැඩෙට් නිලධාරීන්ගේ විසිර යාමේ උළෙලේදී පවසයි

State
  • රට දියුණුව කරා ගෙන යාමට නම් දැනුම ඇති මානව සම්පතක් අවශ්‍යයි.
  • ශ්‍රී ලංකාව විශ්වවිද්‍යාල කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ යුතුයි.

NSBM හරිත සරසවියේ 2023 උපාධි ප්‍රදානෝත්සවයට එක් වෙමින් ජනපති පවසයි.

State

මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් මෙරටින් මර්දනය කිරීමේ මෙහෙයුම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ ආශිර්වාදය ලැබී තිබෙන බවත් එබැවින් කුමන බලපෑමක් පැමිණියත් එම මෙහෙයුම් කිසිසේත්ම නතර නොකරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

State
  • බදුල්ල දිස්ත්‍රික්කයේ ගොඩනැගිලි සැලසුම් අනුමත කරන විට ඊට අදාළ නිර්නායක අනුව ක්‍රියා කිරීම අනිවාර්යයි.
  • ආපදාවලින් අවතැන්වූවන් නැවත පදිංචි කිරීම නව සැලැස්මක් ඔස්සේ ක්‍රියාවට නංවන්න
  • ලබන වසරේ සිට විමධ්‍යගත අයවැය දිස්ත්‍රික්කවලට ලබා දෙනවා

ජනපති බදුල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී කියයි

State

තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද ඒ සඳහා කෘෂිකර්මය නවීකරණය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

State

වසර 03කට පසුව මෙවර අයවැයෙන් රුපියල් මිලියන 11,250ක් දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය ලෙස වෙන් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි

State

ඉහළ පෙළේ සංචාරක කර්මාන්තය ඉලක්ක කර ගනිමින් හෝර්ටන් තැන්න ආශ්‍රිත කලාපය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි

State

දිවයින පුරා විදුලි සැපයුමෙන් 99%ක් මේ වන විට සාර්ථකව යථා තත්ත්වයට පත් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දෙයි 

State

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ උපදෙස් කිහිපයක් ලබා දී තිබේ.

State
  • සීතාවක විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සඳහා වන පශ්චාත් උපාධි ආයතනය දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතාගේ නමින්

– ජනපති
දැනුමින් සන්නද්ධ පුරවැසියන් නිර්මාණය කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට මෙන්ම විවෘත ආර්ථිකයේ ප්‍රතිලාභ ගමට ගෙන යාමට මහපොළ තුළින් හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය,

State

කොත්මලේ සිට බියගම දක්වා වන සම්ප්‍රේෂණ මාර්ගයේ ඇති වූ බිඳ වැටීමක් හේතුවෙන් සමස්ථ දිවයින පුරා විදුලිය විසන්ධි වීමක් සිදු වූ අතර, පද්ධතියේ සමතුලිතභාවය පවත්වා ගනිමින් පියවරෙන් පියවර එය යථා තත්ත්වයට පත් කිරීමට අප විසින් සියලු  කටයුතු සිදු කරමින් පවතින බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.