ශ්‍රී ලංකාවේ රාජ්‍යාතනවල ගෙවිම් කටයුතු අන්තර්ජාලය(Online payments ) ඔස්සේ සිදුකිරීම පිළිබඳ පද්ධතිය(System) සකස් කිරීමේ ප්‍රගතිය විමසා බැලිමේ සාකච්ඡාවක් තාක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේදී රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ පසුගියදා පැවැත්විණි.
රජයේ පාසල්වල මෙම වසරේ දෙවැනි පාසල් වාරයේ පළමු අදියර අද (24) ආරම්භ වී අගෝස්තු මස 17 වැනිදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
ග්‍රාමීය නිවාස 25000ක් ඉදි කිරීම සහ එම නිවාස සදහා වහලය මත සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතියක් පිළිබඳව සාකච්ඡාවක් නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සමග අද (27) පැවැත්විණි.
රජය සතුව මේ වන විට ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරයි.
දිවයිනේ සියලුම පළාත් පාලන ආයතනවලට අයත්, මාර්ග සිතියම්ගත කිරීම 2025 වසර වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇති බවත්, ඉන් අනතුරුව එය ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බවත් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.
• අධික වේගය නිසා සිදුවන අනතුරු වළක්වා ගැනීමට වේග සීමා ප්‍රතිපත්තියක්.
• මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන්නන් හසු කර ගැනීමේ වැඩපිළිවෙළක් – ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා.
දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ ලැබෙන අයුරින් සහ තර්ජනයක් නොවන අයුරින් ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා තර කර ගැනීම අරමුණයි. - විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි
ඖෂධ හිඟය මාස දෙකක් ඇතුළත මග හරවා ගැනීමට අවශ්‍ය මිලදී ගැනීම් සදහා සෞඛ්‍ය අමාත්‍යංශය ක්‍රියා කර ඇති බවත්, හදිසි මිලදී ගැනීම් යටතේ ඖෂධ වර්ග 160 ක් පමණ ගෙන්වීමට යෝජනා කර ඇති බවත් ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙරට දුම්රිය සේවය පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදුකොට වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබා දීමට එම විෂය පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර, අවශ්‍ය පියවර ගන්නා ලෙස කැබිනට් මණ්ඩලය විසින් ජනාධිපති ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
සියලුම සමාගම්වලට බලපාන පරිදි මිල සූත්‍රය භාවිතා කරමින් ඉන්ධන සඳහා උපරිම සිල්ලර මිලක්
QR කේතය ගැනත් තීරණයක් - විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක
ජනවාර්ගික ප්‍රශ්නයෙන් පීඩාවට පත් වූ සෑම ජන කොටසකටම සත්‍ය සෙවීමේ කොමිසම ස්ථාපිත කිරීමෙන් සත්‍ය සොයා යෑමට අවස්ථාව හිමි වන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවසීය.

අස්වැසුම ක්‍රියාත්මක කිරීමේදී පැනනැගී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය උදෙසා වී ප්‍රභේද සංවර්ධනය සහ සහල් නිෂ්පාදන අංශයේ ඵලදායිතාවය ඉහළ නැංවීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කර ඇත.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, හබරණ - මඩකලපුව A11 මාර්ගයේ අවදානම් සහිත ස්ථාන ලෙස හඳුනාගත් බටුඔය පාලම ඇතුලු පටු පාලම් කිහිපයක් ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතගේ විශේෂ නිරීක්ෂණයට ලක් විය.
Page 71 of 647