Thursday, March 12, 2026
Follow Us
උතුරේ ආණ්ඩුකාර ලෙස චාර්ල්ස් දිවුරුම් දෙයි

උතුරු පළාත් නව ආණ්ඩුකාරවරිය ලෙස පී එස් එම් චාර්ල්ස් දිවුරුම් දී තිබේ. මීට පෙර ඇය කටයුතු කළේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය ලෙසයි.

ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙසද ඇය කටයුතු කළ අතර පී එස් එම් චාර්ල්ස් දිස්ත්‍රික් ලේකම්වරියක ලෙස මඩකලපුවේ සහ වව්නියාවේද සේවය කර අත්දැකීම් ලැබූ නිලධාරිණියකි. උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ලෙස අද ඇය දිවුරුම් දුන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේය.

ඇය උතුරු පළාතේ ආණ්ඩුකාර තනතුරට පත්වූ පළමු කාන්තාව බවටද පත්වේ.

(Lanka Leads)