Monday, February 02, 2026
Follow Us
අලි ඇතුන්ට වෙඩි තැබීම් සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශයේ ලේකම් පොලීසියෙන් කළ විශේෂ ඉල්ලීම

අලි ඇතුන්ට වෙඩි තැබීම් සම්බන්ධයෙන් අපරාධ විමර්ශන අංශය මගින් විශේෂ විමර්ශනයක් සිදු කර අලි ඇතුන්ට වෙඩි තබන පුද්ගලයින් අත්අඩංගුවට  ගෙන නීතිමය කටයුතු සිදු කිරිම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාක්මක කරන ලෙස පරිසර අමාත්‍යාංශ ලේකම් කේ. ආර්.උඩුවාවල මහතා  විසින් වැඩබලන පොලිස්පතිට ලිපියකින් ඉල්ලීමක් කර  තිබේ.

වනාන්තර ආශ්‍රිතව ජීවත්වන පුද්ගලයින් නීති විරෝධීව ගිනි අවි භාවිතයෙන් මෙම කාර්යය සිදු කරන බව පෙනී ගොස් ඇති බැවින් පොලිස්   විශේෂ කාර්ය බලකාය මඟින් විශේෂ සෝදිසි මෙහෙයුමක් අලි ඇතුන් ගැවසසෙන ප්‍රදේශවල සිදු කර දෙන මෙන් ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙයි.