ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්යාපන ආයතනය (SLIATE) විසින් පවත්වනු ලබන උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා දෙකක් වන ප්රමාණ සමීක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව (HNDQS) සහ උසස් ජාතික ඉංග්රීසි ඩිප්ලෝමාව (HNDE) පාඨමාලාව සඳහා NVQ 6 මට්ටමේ සමානතා තත්ත්වය ප්රදානය කිරීමට අනුමැතිය හිමි වී තිබේ.
2025 ජූලි 8 වන දින පැවති අංක 2025/05/303 දරන තෘතියික හා වෘත්තීය අධ්යාපන (TVEC) කොමිෂන් සභා රැස්වීමේ දී, ඉහත පාඨමාලා දෙක NVQ 6 මට්ටමේ ප්රමිතීන්ට අනුකූල බව තීරණය කළ අතර ඒ අනුව ප්රමාණ සමීක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව සහ උසස් ජාතික ඉංග්රීසි ඩිප්ලෝමාව පාඨමාලා සාර්ථකව නිම කළ අයට NVQ 6 මට්ටමේ සමානතා සහතිකය නිකුත් කිරීම සඳහා රු. 1000.00 ක ගාස්තුවක් සමඟ SLIATE අධ්යක්ෂ/විදුහල්පති/අධ්යක්ෂ ජනරාල් විසින් සහතික කරන ලද අවසන් සහතිකයේ පිටපතක් සමඟ තම ඉල්ලීම් එවිය හැකිය.
ඊට අදාළ චක්රලේඛය 2025.07.09 දින සිට ක්රියාත්මක කෙරේ.