Tuesday, July 08, 2025
Follow Us
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා සෙවීමට කමිටුවක්
2017 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා වන කාලසීමාව තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම පිණිස ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

2017 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා වූ කාලසීමාවේ දී ආගමික ස්ථාන සහ විවිධ කටයුතු සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් මූල්‍ය සහායන් ලබා දීමේ දී විවිධ අක්‍රමිකතා සිදුව ඇති බව වාර්තා වී තිබේ. එලෙස සිදු ව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම පිණිස කමිටුවක් පත් කිරීමට 2025‑05‑17 දින පැවති මධ්‍යම සංස්කෘතික අරමුදලේ 223 වන පාලක මණ්ඩල රැස්වීමේ දී තීරණය කර ඇත.

ඒ අනුව, අදාළ කාර්යය සඳහා විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ජී.එම්.ඩබ්ලිව්.ප්‍රදීප් ජයතිලක මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට මෙම අනුමැතිය ලැබී තිබේ.