කොරියානු ජනරජයේ E-8 වීසා කාණ්ඩය (සෘතුමය සේවකයින්) යටතේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යෙදවීම පහසු කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට 2025‑02‑19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව, අවබෝධතා ගිවිසුම් ඇති කර ගැනීම සඳහා කොරියානු ජනරජයේ උනන්දුවක් දක්වන පළාත් පාලන ආයතන සමඟ රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ සාකච්ඡා පවත්වා ඇත. කොරියානු ජනරජයේ යොන්ග්වෝල් පළාත් පාලන ආයතනය සමඟ පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීමට යෝජනා වී ඇත. යෝජිත අවබෝධතා ගිවිසුම මඟින්, ශ්‍රී ලාංකිකයින්ට සෘතුමය ශ්‍රමික වැඩසටහන යටතේ කෙටි කාලයක් (මාස 5 සිට 8 දක්වා) යොන්ග්වෝල් පළාතේ කෘෂිකාර්මික හා ධීවර ගම්මානවල සේවය කර ආදායමක් උපයා ගැනීමට සහ මෙරටට විදේශ විනිමය උපයා දීමට අවස්ථාව සැලසෙනු ඇත.
යෝජිත අවබෝධතා ගිවිසුම් සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. ඒ අනුව, යොන්ග්වෝල් පළාත් පාලන ආයතනය සමඟ අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම සිදු වේ.