Tuesday, February 03, 2026
Follow Us
සා/පෙළ විභාගය අද ඇරඹේ

2024 (2025) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) ආරම්භ වෙයි.

 දිවයින පුරා මධ්‍යස්ථාන 3,663කදී පැවැත්වෙන විභාගය සඳහා සිසුන් 474,147දෙනෙක් පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම පාසල් අයදුම්කරුවන් 398,182දෙනෙක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 75,965දෙනෙක් විභාගය සඳහා අයදුම්කර ඇත.

මේ මස  26 දක්වා මෙම විභාභාගය පැවැත්වේ.

ජංගම දුරකථන, සුහුරු අත් ඔරලෝසු ඇතුළු කිසිදු සන්නිවේදන උපකරණයක් ළඟ තබා ගැනීම අයැදුම්කරුවන්ට තහනම් වන අතර එම තහනම කඩ කරන අයැදුම්කරුවන්ට වසර පහක විභාග තහනමක් පනවන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි.