Tuesday, February 03, 2026
Follow Us
රාජ්‍ය සේවයේ බඳවාගැනීම් 2,003ක් සඳහා කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පත් කරන ලද කමිටුවේ නිර්දේශ රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද නිලධාරි කමිටුවේ දෙවන වාර්තාව ඉදිරිපත් කර තිබේ.

එම වාර්තාව මඟින් අමාත්‍යාංශ 11ක් යටතේ පවතින ආයතනවල සහ පළාත් සභා 05 ක පවතින පුරප්පාඩු 4,987ක් අතුරින් පුරප්පාඩු 2,003ක් සඳහා බඳවා ගැනීම් සිදු කිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කර ඇත.

මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස අගමැතිනිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.