Tuesday, February 03, 2026
Follow Us
ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස එම්. එල්. ගම්මම්පිල පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස එම්. එල්. ගම්මම්පිල මහතා පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

ඊට අදාළ පත්විම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත ප්‍රදානය කෙරිණි.