Tuesday, February 03, 2026
Follow Us
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනයක්

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත.

ඒ අනුව රුපියල් 377ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 371කි.

රුපියල් 319ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 313ක් වේ.

කෙසේ වෙතත් සෙසු ඉන්ධන වර්ගවල මිල ගණන් නොවෙනස්ව පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.

මිල නොවෙනස් වන ඉන්ධන වර්ග:

පෙට්‍රල් 92 – ( මිල රු.311)
ඔටෝ ඩීසල් – මිල රු.283)
භූමිතෙල් (මිල රු.183)

price