Tuesday, February 03, 2026
Follow Us
තැපැල් ඡන්දය සලකුණු කිරීමට තවත් දින දෙකක්

ජනාධිපතිවරණය 2024 ට අදාළව ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට තවත් දින දෙකක් ලබා දීමට කටයුතු කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

ඒ අනුව, සැප්තැම්බර් 11 සහ 12 යන දෙදින තුළ දී තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී ඡන්දය සලකුණු කිරීමට හැකි වේ.

සැප්තැම්බර් 04 වන දා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ආරම්භ වූ අතර සැප්තැම්බර් 05 සහ 06 යන දින වල දී ද තැපැල් ඡන්ද හිමියන්ට සිය ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව ලැබිණි.