Friday, March 20, 2026
Follow Us
පහ ශිෂ්‍යත්වය සැප්තැම්බර් 15දා

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මේ මස 15 වැනිදා පවත්වන අතර එහි කාල සටහන නිකුත් කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. විභාගයට අදාළ දෙවැනි ප්‍රශ්න පත්‍රය එදින උදෑසන 9.30 සිට 10.45 දක්වාත්, පළමු ප්‍රශ්න පත්‍රය උදෑසන 11.15 සිට 12.15 දක්වාත් පැවැත්වේ. රට පුරා විභාග මධ්‍යස්ථාන 2849කදී විභාගය පැවැත්වේ.

මෙම විභාගය සඳහා අයදුම් කළ අපේක්ෂකයන්ගේ පැමිණීමේ නාම ලේඛනය අදාළ පාසලේ විදුහල්පති වෙත තැපැල් මඟින් මේ වන විට යොමු කර තිබේ. එම ලේඛන මෙතෙක් ලැබී නැත්නම් විදුහල්පතිවරුන්ට www.doenets.lk හෝ onlineexams.gov.lk වෙත පිවිසීමෙන් පැමිණීමේ ‍ලේඛනය බාගත කර ගත හැක. එහි සඳහන් අයදුම්කරුවන්ගේ තොරතුරු සංශෝධනය කළ යුතු නම් මේ මස 09 වැනිදා දක්වා මාර්ගගතව සංශෝධනය කිරීමට පහසුකම් සලසා තිබේ.