Tuesday, February 03, 2026
Follow Us
නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කෙරේ

දිස්ත්‍රික්ක 7කට පනවා ඇති නායයෑමේ අනතුරු ඇඟවීම හෙට (19) පස්වරු 04 දක්වා දීර්ඝ කර  ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි.

ඒ අනුව ගාල්ල, මාතර, කළුතර, කෑගල්ල, රත්නපුර, නුවරඑළිය සහ කොළඹ යන දිස්ත්‍රික්කවලට පනවා තිබූ නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කිරීමට, ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය පියවර ගෙන  තිබේ.