Monday, May 05, 2025
Follow Us
රාජ්‍ය සේවයට බඳවා ගැනිම් පිළිබඳ තීරණයක්

රාජ්‍ය සේවයේ ප්‍රාථමික හැර අනෙකුත් සියලුම සේවා කාණ්ඩ වල විධිමත් තරඟ විභාග හා සම්මුඛ පරීක්ෂණ ක්‍රම මගින් පමණක් රාජ්‍ය සේවයට බඳවා ගැනීම කළ යුතු බවට නිර්දේශ කර ඇතැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

 කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

රාජ්‍ය සේවයෙහි ප්‍රාථමික සේවා කාණ්ඩය සඳහා බඳවා ගැනීමේ මූලික සුදුසුකම් ලෙස ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශය සහ ජාතික වෘත්තීය නිපුණතාවය පදනම්ව සේවා අවශ්‍යතාවය පරිදි සුදුස්සන් තෝරාගැනීමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීමට නිර්දේශ කර ඇතැයිද කැබිනට් ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේය.