Friday, February 06, 2026
Follow Us
විදුලිය ඇනහිටි ප්‍රදේශවලට යළි විදුලිය

විදුලිය ඇනහිට තිබූ ප්‍රදේශ කිහිපයකට මේ වනවිට විදුලි සැපයුම යළි ලබාදීමට පියවර ගෙන ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙන අතර කොළඹ 4,5 සහ 7 ප්‍රදේශවලට මෙලෙස විදුලි සැපයුම යථාතත්ත්වයට පත්කර ඇති බව ද ප්‍රකාශ කර තිබේ.

අද පස්වරුවේ කොලොන්නාව උප බලාගාරයේ සම්ප්‍රේෂණ මාර්ගයේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම ඇනහිට තිබේ.